Monday, April 1, 2013

නොහිතා ඉමු

ලොකු හාමුදුරුවනේ හැබෑවටම ඔය කියන්නහේ දිවියලෝකයක් තියනවැයි?

කවුරු දන්නවද උන්නාන්සෙ ඔව !

එහෙනං ඔබාන්සෙ ඊයෙ දාවිත් රාළහමිලයි අහ දානෙට වැඩිය වෙලාවෙ කිව්වෙ ?

එහෙම තමයි උන්නාන්සෙ ඒව !

ඒ කිව්වෙ ?

දැං බලමු.... දායකයො අපිට දානෙ ගෙනැත් දෙන්නෙ අහවල් එකක් හන්දද ? මොකෝ අපේ නෑදෑයොද ?

නැ නේ..

ඉතිං එහෙව් එකේ මොකටෙයි දෙන්නෙ ?

දිවියලෝකෙ යන්නෙයි ලොකුහාමුදුරුවනේ ?

ඔය තේරෙන්නෙ...

ඉතිං බොරු කියන එක පව් නැතෙයි ?

කවුද බොරු කිව්වෙ ?

ඔබාන්සෙනෙ නැති දිවියලෝකයක් ගැන කියල.

කවුද කිව්වෙ දිවියලෝකයක් නැතෙයි කියල ?

ඔබාන්සෙනෙ !

මං කොහෙද එහෙම එකක් කිව්වෙ, මං කිව්වෙ මං එහෙම එකක් නැතෙයි කියල හරි ඇතෙයි කියල හරි ටක්කෙටම නොදන්න වගනෙව.

ඉතිං ලොකුහමුදුරුවනේ හරියටම නොදන්න ඒව කියන එක හො‍ඳෙයි ?

කාටද ?

ඔබාන්සෙට , මිනිස්සුන්ට ?

මොකෝ නරක, එහෙම එකක් තිබුනොත් උන්ට යන්න ඇහැකි නෙව.

බැරිවෙලාවත් තිබුනෙ නැත්නං ?

නැති තැනකට කොහේ යන්නද උන්නාන්සෙ !

එහෙනං ඉතිං ඔබාන්සෙ යයි අපායෙ !

අපායෙ ?

ඔව් අපායෙ !

පොඩිඋන්නාන්සෙ දන්නවැයි අපාය කොහේද තියෙන්නෙ කියල ?

ම්හ් !

ඉතිං උන්නාන්සෙ කොහොමෙයි කියන්නෙ මම එතනට යයි ය කියල, තියනවද නැද්ද කියලවත් නොදැන.

හැබෑමයි ! ඒත්...

මොකෝ උන්නන්සෙ ඒත් කිව්වෙ ?

කියවුනා ලොකුහාමුදුරුවනේ. පොඩි පටලැවිල්ලක් වගේ දැනුන ඒත් කොහේ කොතනද කියල නිච්චිනෑ.

හ්ම්... ඔව්ව ඔහොම තමයි උන්නාන්සෙ, වැඩිය හිතට ගන්නෙ නැතුව ඉමු !